spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද සිට ඩෙංගු මර්දන සතියක්

අද (07) සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ.

තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙනවා.

අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද නියමිතයි.

පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 88390 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 58 දෙනෙකු මිය ගිය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 11910 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ඊයේ (06) සිට ස්ථාපිත කර ඇති 011- 7 966 366 යන ක්ෂණික දුරකථන අංකයට පෙරවරු 8 සිට රාත්‍රි 8 දක්වා ඇමතීමෙන් ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමට ද හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?