රටට ලැබුණු බාල ඖෂධ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග 407ක් අතුරින් බාල තත්ත්වයේ පැවතුණේ වර්ග 4 ක් පමණක් බවයි ඔහු කියාසිටියේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවව මගින් මහනුවර පිළිමතලාවේ ස්ථාපිත කරන ලද නව ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින්.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඖෂධ ගෙන්වීමේදී බාධක රැසක් මතු වූ බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් කොවීඩ් එන්නත් ආනයනය කරමින් තිබියදී ඉන්දියාවේ වසංගතය ව්‍යාප්තවීම නිසා වෙනත් රටවලින් එන්නත් ආනයනය කිරීමට සිදුවූ බවයි.

ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර යැයි හඳුනා ගත් ඖෂධ ඉවත් කළ අතර සෙසු ඖෂධ වර්ග තවමත් භාවිතා කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වංසගත තත්ත්වය මෙන්ම ආර්ථික ගැටලු නිරාකරණය කර ගමිනින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි උපරිම අයුරින් ක්‍රියාකළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“එදා සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත් වෙලාවේ මම සතුටට පත්වුණා. ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ සමගම කොරෝනා වසංගතය අපේ රට බිලිගත් අවස්ථාවේ දැඩි ආර්ථික අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න වුණා. මේ වෙලාවේ තමයි ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ අපේ රටට අවශ්‍ය ඖෂධ 407ක් ගෙනාවේ. මේ ඖෂධ තත්වයෙන් බාල ඒවා බවට රටේ ජනතාව අතර මතයක් ගොඩනැගුනා.ඉන් ඖෂධ 04ක් පමණයි නිසි ප්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණ මගින් හෙළි වුණේ . අපි ඒවා භාවිතයෙන් ඉවත් කළා. අනික් ඖෂධ අදටත් භාවිතා කරනවා. එදා අපි ඒ ඖෂධ ගෙනාවෙ නැත්නම් අද අපේ රට විසාලාවක් වෙන්න ඉඩ තිබුනා. කොරෝනා වසංගතය ආරම්භක අවස්ථාවේදී ඉන්දියාවෙන් කොරෝනා වැක්සින් මිලියන 05ක් අපි ලබා ගත්තත් ඉන් පසුව ඉන්දියාවේ කොරෝනා රෝගය උත්සන්න වීම නිසා අනෙක් වැක්සින් ලෝකයෙ වෙනත් රටවල්වලින් මිලදී ගන්න සිදුවුණා. ඒ සඳහා අපිට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරන්න වුණා. මතක තියාගන්න අපි මේ අභියෝගය කළමනාකරණය කළේ බංකොලොත් වෙච්ච රටක කියන බව. නමුත් සියලු දෙනාගේ කැපවීම මත ලෝකයේ හොඳින්ම කොරෝනා රෝගය පාලනය කළ රටක් බවට අපේ රට පත්වුණා. මේ අභියෝගය බාර ගැනීම නිසා අද මට විවිධ චෝදනා, ගැරහීම්,අපහාස, උපහාසවලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සියල්ල විඳගෙන අපේ ඉදිරි ගමන අපි යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?