රටට ලැබුණු බාල ඖෂධ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග 407ක් අතුරින් බාල තත්ත්වයේ පැවතුණේ වර්ග 4 ක් පමණක් බවයි ඔහු කියාසිටියේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවව මගින් මහනුවර පිළිමතලාවේ ස්ථාපිත කරන ලද නව ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින්.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඖෂධ ගෙන්වීමේදී බාධක රැසක් මතු වූ බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් කොවීඩ් එන්නත් ආනයනය කරමින් තිබියදී ඉන්දියාවේ වසංගතය ව්‍යාප්තවීම නිසා වෙනත් රටවලින් එන්නත් ආනයනය කිරීමට සිදුවූ බවයි.

ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර යැයි හඳුනා ගත් ඖෂධ ඉවත් කළ අතර සෙසු ඖෂධ වර්ග තවමත් භාවිතා කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වංසගත තත්ත්වය මෙන්ම ආර්ථික ගැටලු නිරාකරණය කර ගමිනින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි උපරිම අයුරින් ක්‍රියාකළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

“එදා සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත් වෙලාවේ මම සතුටට පත්වුණා. ජනතාවට යම් සේවයක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ සමගම කොරෝනා වසංගතය අපේ රට බිලිගත් අවස්ථාවේ දැඩි ආර්ථික අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න වුණා. මේ වෙලාවේ තමයි ඉන්දියානු ණය යෝජනා ක්රමය යටතේ අපේ රටට අවශ්‍ය ඖෂධ 407ක් ගෙනාවේ. මේ ඖෂධ තත්වයෙන් බාල ඒවා බවට රටේ ජනතාව අතර මතයක් ගොඩනැගුනා.ඉන් ඖෂධ 04ක් පමණයි නිසි ප්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණ මගින් හෙළි වුණේ . අපි ඒවා භාවිතයෙන් ඉවත් කළා. අනික් ඖෂධ අදටත් භාවිතා කරනවා. එදා අපි ඒ ඖෂධ ගෙනාවෙ නැත්නම් අද අපේ රට විසාලාවක් වෙන්න ඉඩ තිබුනා. කොරෝනා වසංගතය ආරම්භක අවස්ථාවේදී ඉන්දියාවෙන් කොරෝනා වැක්සින් මිලියන 05ක් අපි ලබා ගත්තත් ඉන් පසුව ඉන්දියාවේ කොරෝනා රෝගය උත්සන්න වීම නිසා අනෙක් වැක්සින් ලෝකයෙ වෙනත් රටවල්වලින් මිලදී ගන්න සිදුවුණා. ඒ සඳහා අපිට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරන්න වුණා. මතක තියාගන්න අපි මේ අභියෝගය කළමනාකරණය කළේ බංකොලොත් වෙච්ච රටක කියන බව. නමුත් සියලු දෙනාගේ කැපවීම මත ලෝකයේ හොඳින්ම කොරෝනා රෝගය පාලනය කළ රටක් බවට අපේ රට පත්වුණා. මේ අභියෝගය බාර ගැනීම නිසා අද මට විවිධ චෝදනා, ගැරහීම්,අපහාස, උපහාසවලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සියල්ල විඳගෙන අපේ ඉදිරි ගමන අපි යනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18