යුක්තිය මෙහෙයුම හරහා ඉදිරියේදී මත්ද්‍රව්‍ය යොදා හෝ තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි දෙහිවල සෝල් බීච් අවන්හලේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා පවසනවා.
අනවසර ඉදිකිරීමක් බව පවසමින් දෙහිවල වෙරළ තීරයේදී පසුගියදා කඩා බිඳ දැමු සෝල් බීච් අවන්හල් පරිශ්‍රයේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ අදහස් පළ කළා.
මෙම වෙරළ තීරයේ බොහෝ අවන්හල් ඉදිකර තිබුණත් පසුගිය ජනවාරි 01 වැනිදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිමුඩියේ පැමිණ අනවසර ඉදිකිරීමක් බවට චෝදනා කරමින් කඩා බිඳ දමන්නේ මීට මාස 03කට පමණ ඉහතදී ආරම්භ කෙරුණු සෝල් බීච් අවන්හල පමණයි.
පොලිසිය පැවසුවේ මෙම අවන්හල මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟ වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ශිරාන් බාෂික් නැමැත්තාට අයත් වුවක් බවයි.
මතුව ඇති තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කඩා බිඳ දැමූ අවන්හල් පරිශ්‍රයේ දී එහි අධ්‍යක්ෂවරුන් හා සේවකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
අවන්හල කඩා බිඳ දැමීම හේතුවෙන් එහි සේවය කළ සියදෙනෙකුට ආසන්න පිරිසකට මේ වන විට රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
අවන්හල් හිමිකරුවන් පවසන පරිදි කිසිදු පෙර දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන නිලධාරීන්ට මෙලෙස අත්තනෝමතික පරිදි ජනතාවගේ දේපළවලට හානි කළ හැකි ද ?