සෝල් බීච් අවන්හල කඩා දැමීම සාධාරණ ද? (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම හරහා ඉදිරියේදී මත්ද්‍රව්‍ය යොදා හෝ තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි දෙහිවල සෝල් බීච් අවන්හලේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා පවසනවා.

අනවසර ඉදිකිරීමක් බව පවසමින් දෙහිවල වෙරළ තීරයේදී පසුගියදා කඩා බිඳ දැමු සෝල් බීච් අවන්හල් පරිශ්‍රයේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ අදහස් පළ කළා.

මෙම වෙරළ තීරයේ බො‌හෝ අවන්හල් ඉදිකර තිබුණත් පසුගිය ජනවාරි 01 වැනිදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිමුඩියේ පැමිණ අනවසර ඉදිකිරීමක් බවට චෝදනා කරමින් කඩා බිඳ දමන්නේ මීට මාස 03කට පමණ ඉහතදී ආරම්භ කෙරුණු සෝල් බීච් අවන්හල පමණයි.

පොලිසිය පැවසුවේ මෙම අවන්හල මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟ වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන ශිරාන් බාෂික් නැමැත්තාට අයත් වුවක් බවයි.

මතුව ඇති තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කඩා බිඳ දැමූ අවන්හල් පරිශ්‍රයේ දී එහි අධ්‍යක්ෂවරුන් හා සේවකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

අවන්හල කඩා බිඳ දැමීම හේතුවෙන් එහි සේවය කළ සියදෙනෙකුට ආසන්න පිරිසකට මේ වන විට රැකියා අහිමිවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

අවන්හල් හිමිකරුවන් පවසන පරිදි කිසිදු පෙර දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන නිලධාරීන්ට මෙලෙස අත්තනෝමතික පරිදි ජනතාවගේ දේපළවලට හානි කළ හැකි ද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
1
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37