බූස්ස බන්ධනාගාරයේ සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරුවෙකු රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙකුට පහරදී තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම සැකකරු බන්ධනාගාර රෝහලේ දී ඖෂධ ලබා දුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

ප්‍රහාරයෙන් නිලධාරියා බිම ඇද වැටී තිබෙනවා.

ඇති වූ කම්පනය මත ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34