රන්ජන් ජයලාල් ඇතුලු පිරිසකට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති නිල නිවස,මුදල් අමාත්‍යංශය,මහබැංකුව යන පරිශ්‍රවලට ඇතුළුවීම වලක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ සිදු කරන ලෙසට සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි සිදු නොකරන ලෙසට ද අදාළ නියෝගයේ සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිවයි විදුලි සේවකයන් උද්ඝෝෂණයේ නිරත වන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් එහි සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවැනි දිනය අදයි.

ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් සහ විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති පසුබිමකයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට අද දිනයේත් රැස් වූ විදුලි සේවකයින් විදුලිබල පනත් කෙටුම්පතට සිය විරෝධය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?