සියදිවි හානි කරගත් පුද්ගලයාගේ දේශන අහපු අයගේ ඥාතීන්ට දැනුම්දීමක් (වීඩියෝ)

සමාන විෂ වර්ගයක් ශරීරගත වීමෙන් මහරගම සහ කඩවත දී තරුණයෙක් සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ මරණ සිය දිවි නසා ගැනීම් බවට පොලිසිය සැක පළ කරනවා.

මාලඹේ පිට්ටුගල ප්‍රදේඹශයේ නිවසකදී මවක් සිය දරුවන් තිදෙනා සමග වස පානය කර දිවි නසා ගත් සිදුවීමම මෙම මරණ හා සම්බන්ධයක් පවතින බවයි වාර්තා වන්නේ.

ආගමික දේශන පවත්වන පුද්ගලයෙකු වන එම පවුල් පියාද වස පානය කර දිවි හානිකරගෙන තිබූ අතර අද මිය ගොස් තිබුණේ ඔහුගේ තවත් අනුගාමිකයින් දෙදෙනෙක්.

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයක සිය පවුලේ සාමාජිකයින් සමග කුලී පදනම මත පදිංචි සිටි 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්ත නැමැත්තා පසුගිය 28 වැනිදා සිය දිවි නසාගෙන තිබුණේ වස පානය කරමින්.

දින කිහිපයකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද වස පානය කිරීම හේතුවෙන් මිය ගියා.

පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔවුන් විදෙස් ගත වීම සඳහා මීට මාස කිහිපයකට පෙර සිය දේපල විකුණා දමා හෝමාගම ප්‍රදේශයේ තාවකාලික පදිංචිය සඳහා පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ආගමික දේශන පැවැත්වූ පුද්ගලයෙකුද වන අතර ඔහු වස පානය කරමින් සිය දිවි හානි කර ගැනීමට හේතුවක් මෙතෙක් අණාවරණ වී නැහැ.

පොලිසිය සැප පළ කරන්නේ මූල්‍යමය ගැටළුවක් හේතුවෙන් ඔහු සිය දිවි නසා ගන්නට ඇති බවයි.

මේ අතර ඔහුගේ දේශන සඳහා සහභාගී වූ ඔහුගේ අනුගාමිකයෙක් බව සඳහන් පුද්ගලයෙකු‌ගේ මල සිරුරක්ද මහරගම දුම්රියපොල පාරේ ලැගුම්හලක තිබී අද උදෑසන සොයාගෙන තිබෙනවා.

ඔහුද වස පානය කර මිය ගොස් ඇති බවටයි සැක පළ කරන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ වතුගෙදර පදිංචි ඉසුරු මුදාර නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ පස්වරුවේ මහරගම ප්‍රදේශයේ ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ ඉන් පිටව යන බවයි ලැගුම්හල් සේවකයින්ට පවසා ඇත්තේ.

නමුත් ඔහු පිටව නොයෑම හේතුවෙන් ඒ පිළිබඳ සැක සිතී අදාල කාමරය පරික්ෂා කිරීමේදී ඔහු ඇද මත වැටී සිටිනු දුටු සේවකයෙක් මේ පිලිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ලයා පසුගිය 28 වැනිදා මිය ගිය රුවන් ප්‍රසන්න නැමැත්තාගේ අවසන් කටයුතු වලටද සහභාගී වී ඇති බව අණාවරණ වී තිබෙනවා.

මොහු මිය ගිය ස්ථානයේ තිබී සයිනයිඩ් බවට සැක කළ හැකි ද්‍රව්‍යක් වතුර බෝතලයක් සහ ජංගම දුරකතන 2ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර රුවන් ප්‍රසන්න ගුණරත්ත නැමැත්තාගේ දේශන සඳහා සහභාගී වූ තවත් 21 හැවිරිදි තරුණියක්ද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය යක්කල – රාපල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානි කරගත් රුවන් ප්‍රසන්න ගුණරත්ත නැමැත්තාගේ පවුලේ සියලු සාමාජිකයන් සහ අද මිය ගිය තරුණයා සහ තරුණිය ඇතුලු ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනා වෙත විස ද්‍රව්‍ය බෙදාහැර ඇත්දැයි සැකයක් පවතින අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙසටයි.

විවිධ ප්‍රදේශ රැසක අදාළ පුද්ගලයා විසින් දේශනා සිදු කර ඇති බවත් ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම මේ වනවිට සියදිවි හානි කරගෙන ඇති බව අනාවරණය වී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනාවලදී සඳහන් කර ඇතත් ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳ කිසිදු හැදෑරීමක් සිදුකර නොමැති බවත් මේ වනවිට සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12