කටුනායක ගුවන්තොටුපොළේ 28කගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන අත්හිටුවා තිබෙනවා.

ඔවුන්ගේ සේවය අද දහවල් 12 සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමටයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන ඇත්තේ.

මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළා.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බවටයි එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර ඇත්තේ .

එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මෙලෙස වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබෙනවා.

එසේම මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන් තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාරදෙන ලෙසට දැනුම් දී තිබෙනවා .

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද ඔවුන්ට තහනම් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
25
+1
4
+1
8
+1
4
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?