AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සේවකයෙකුගේ කන පළලා

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාගේ පහරකෑමට ලක් වූ කාර්යාල කාර්ය සහායකවරයෙක් ප්‍රථිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පසුගිය 30 වනදා පැවති සුහද හමුවක දී මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ශාඛාවේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙක්.

සභාපතිවරයා විසින් අදාළ සේවකයාගේ කනට පහර දී ඇති අතර, පහරකෑමට ලක් වූ ඔහු බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් බදුරලිය පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සභාපතිවරයා පොලිසිය වෙතට කැඳවීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව ලබන 04 වනදාට බදුරලිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාට දන්වා යවා ඇති බවයි බදුරලිය පොලිසිය පැවසුවේ.

එමෙන්ම සිද්ධිය සිදු වූ නිවාඩු නිකේතනයේ ආවේෂණ කැමරා මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

NTMI CHAIMAN 1 scaled
NTMI CHAIMAN 2 scaled
NTMI CHAIMAN 3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?