ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සේවකයෙකුගේ කන පළලා

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාගේ පහරකෑමට ලක් වූ කාර්යාල කාර්ය සහායකවරයෙක් ප්‍රථිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

බදුරලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පසුගිය 30 වනදා පැවති සුහද හමුවක දී මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ශාඛාවේ සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙක්.

සභාපතිවරයා විසින් අදාළ සේවකයාගේ කනට පහර දී ඇති අතර, පහරකෑමට ලක් වූ ඔහු බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් බදුරලිය පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සභාපතිවරයා පොලිසිය වෙතට කැඳවීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව ලබන 04 වනදාට බදුරලිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාට දන්වා යවා ඇති බවයි බදුරලිය පොලිසිය පැවසුවේ.

එමෙන්ම සිද්ධිය සිදු වූ නිවාඩු නිකේතනයේ ආවේෂණ කැමරා මේ වන විටත් පරීක්ෂා කරමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

NTMI CHAIMAN 1 scaled
NTMI CHAIMAN 2 scaled
NTMI CHAIMAN 3 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55