AFC Banner
Empty Ad
Empty Ad

මත් ජාවාරම්කරු ශිරාන් බාසික්ගේ දෙහිවල හෝටලයක් කඩා ඉවත් කරයි

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ‘ශිරාන් බාසික්’ නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි හෝටලයක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අද (01) කටයුතු කළා.

මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින්, පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?