AFC Banner
Empty Ad
Empty Ad

හිටපු මන්ත්‍රීට ප්‍රහාරයක්

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජී. එන්. පී. පෙරේරා ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය 28 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හිටපු මන්ත්‍රීවරයා ඇතුලු පිරිස තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් අතර ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකෙහිම සාමාජිකයන් වන බව සඳහන්.

හිටපු සභාපතිවරයා සහ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්ව සිටින හිටපු සභාපතිවරයාගේ සොහොයුරියක් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 28 වනදා රාත්‍රී වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ගැටුම සිදුවී ඇති අතර පහරදීමට පැමිණි පුද්ගලයන් දුටුව හොත් හඳුනාගත හැකි බව ද පැමිණිලිකාරිය ප්‍රකාශකර තිබෙනවා.

මෙම ගැටුමට යොදාගත් කඩු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?