හිටපු මන්ත්‍රීට ප්‍රහාරයක්

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ජී. එන්. පී. පෙරේරා ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය 28 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හිටපු මන්ත්‍රීවරයා ඇතුලු පිරිස තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් අතර ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකෙහිම සාමාජිකයන් වන බව සඳහන්.

හිටපු සභාපතිවරයා සහ තවත් අයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්ව සිටින හිටපු සභාපතිවරයාගේ සොහොයුරියක් විසින් කරනු ලැබූ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 28 වනදා රාත්‍රී වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පිහිටි හිටපු මන්ත්‍රීවරයාගේ නිවසේදී ගැටුම සිදුවී ඇති අතර පහරදීමට පැමිණි පුද්ගලයන් දුටුව හොත් හඳුනාගත හැකි බව ද පැමිණිලිකාරිය ප්‍රකාශකර තිබෙනවා.

මෙම ගැටුමට යොදාගත් කඩු දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12