හිටපු ජනපති මෛත්‍රී සතුටින්

දහසක් අභියෝග මැද ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව තමා තුළ ඇත්තේ නිරහංකාර ආඩම්බරයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

වාන් දමමින් පවතින මොරගහකන්ද කුලසිංහ ජලාශය නැරඹීමට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කර ඇත්තේ. එම සංචාරය පිළිබඳ ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු එමගින් ප්‍රකාශ කර ඇත්තේ රටටම බත සපයන රජරට ගොවි නියම්ගම් ජලයෙන් සුපෝෂණය කරමින් රන් ජලකඳ ගලා යන්නේ දශක ගණනාවක රජර‌ට ගොවීන්ගේ කඳුළු කතාවේ අවසානය සනිටුහන් කරමින් බවයි.

මෙම සුවිසල් ජලාශ ද්විත්වයේ රන් ජලකඳ දෙස බලමින් තමා සිහි කරන්නේ කර්කෂ රජරට ගොවි පවුලක ඉපිද රටටම නායකත්වය දීමට ලැබුණු භාග්‍ය සේම, අපරිමිත වෙහෙසක් දරා තම ජීවය රැකගන්නා දහස් ගණන් ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට ලැබුණු මහඟු අවස්ථාවේ සංතෘෂ්ටිය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ජලාශ ද්විත්වය ඔස්සේ ගොවි බිම් කරා පියනගන්නේ ජලය සමග මුසු වූ තමාගේ කෘතඥ පූර්වක යුතුකමේ ආශිර්වාදය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ ජලාශ වාන් දමමින් පවතිනවා. එම ජලාශ අතර මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය ද වනවා.

මෙම ජලාශ ද්විත්වය ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ විශේෂ මැදිහත්වීමක් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..

Maithreepala Sirisena FB

රටටම බත සපයන රජරට ගොවි නියම්ගම් ජලයෙන් සුපෝෂණය කරමින් රන් ජලකඳ ගලා යන්නේ දශක ගණනාවක රජර‌ට ගොවීන්ගේ කඳුළු කතාවේ අවසානය සනිටුහන් කරමිනි.

දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව මා හට ඇත්තේ නිරහංකාර ආඩම්බරයකි.

මෙම සුවිසල් ජලාශ ද්විත්වයේ රන් ජලකඳ දෙස බලමින් මා සිහි කරන්නේ කර්කෂ රජරට ගොවි පවුලක ඉපිද රටටම නායකත්වය දීමට ලැබුණු භාග්‍ය සේම, අපරිමිත වෙහෙසක් දරා තම ජීවය රැකගන්නා දහස් ගණන් ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට මා හට ලැබුණු මහඟු අවස්ථාවේ සංතෘෂ්ටියයි.

මෙම ජලාශ ද්විත්වය ඔස්සේ ගොවි බිම් කරා පියනගන්නේ ජලය සමග මුසු වූ මාගේ කෘතඥ පූර්වක යුතුකමේ ආශිර්වාදයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32