මවක් දරුවන් තුන්දෙනා සමග සිය දිවි නසා ගනී – සැමියා දින දෙකකට කලින් වස පානය කර මියගිහින්

මාළඹේ කහන්තොට ප්‍රදේශයේ මවක් තම දරුවන් තුන්දෙනා සමග වස පානය කර සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් වන අතර දරුවන් අවුරුදු 06, 08 සහ 09 වයස්වල පසුවන බවටයි අනාවරණ වී ඇත්තේ.

පිරිමි දරුවන් දෙදෙනෙක් සහ එක් ගැහැණු දරුවෙක් ඒ අතර වනවා. මියගොස් ඇති ගැහැණු දරුවාගේ වයස අවුරුදු 6ක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාවගේ සැමියා ද පසුගිය 28 වනදා වස පානය කර සිය දිවි හානි කරගෙන තිබුණා.

ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත මෙම කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව සඳහන්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

සිය දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
2
+1
27
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16