කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි (වීඩියෝ)

පවතින වැසි තත්ත්වය හමුවේ කලා වැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 16 බැගින් විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබෙනවා.

මෙම වසරේ මෙතරම් අඩි ප්‍රමාණයක් වාන් දොරටු විවෘත කෙරුණු පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා වන්නේ.

අද අඩි 16 බැගින් වාන් දොරටු දෙක විවෘත කිරීමත් සමග තත්පරයට ඝණ අඩි 14000ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙමින් පවතිනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් මේ වනවිට කලාවැව අවුකන මාර්ගය ද අවුකන විහාරස්ථානය අසල සිට අවුකන දුම්රිය මාර්ගය දක්වා ද ජලයෙන් යටවී ඇති බවයි. ⁣

කලාවැවේ සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 87765ක් දක්වා ඉහල ගොස් ඇති අතර මේ වන විටත් තත්පරයට ඝන අඩි 18384ක ප්‍රමාණයක් කලාවැවට එක්වෙමින් පවතිනවා.

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග රට පුරා ජලාශ හා වැව් බොහොමයක් තවදුරටත් වාන් දමමින් පවතිනවා.

මේ අතර පවතින තත්වයත් සමග දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශිය ලේකම් කොට්ටාස 11 කට නායයෑම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.‍

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටද මේ දිනවල අධික වැසි ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රියව විවෘත වුණා.

එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටින්නේ ජලාශ වේල්ලට පහලින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි.

මීට අමතරව ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන්ට් ක්ලෙයාර් සහ ඩොවෝන් දිය ඇලි වල ජල ධාරිතාවයද ඉහල ගොස් තිබෙනවා.

මේ අතර බදුල්ල හැලිඇල නේපියර් මාර්ගයට විදුලි කණුවක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වුණා.

උව පරණගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබු අතර නිවැසියන්ට අනතුරක් සිදුව තිබුණේ නැහැ.

දින තුනක පමණ කාලයක සිට එක දිගටම දඹුල්ල, ගලේවෙල ,සීගිරිය ,නාඋල, ආදී ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ කුඩා සහ මහ වැව් රැසක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා.

අද උදෑසන වන විට කණ්ඩලම ජලාශයේ උපරිම ජල ප්‍රමාණය ඉක්මවා ගොස් වාන් දැමීම හේතුවෙන් දඹුල්ල – වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය කටයුතුවලට බාධා එල්ලවුණා.

ඉබ්බන්කටුව ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කිරීමට මහවැලි බලධාරීන් පියවර ගෙන තිබුණා

මේ අතර රජරටට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රධාන වැව් හා ජලාශ රැසක් මේ වන විට වාන් දමමින් පවතිනවා.

පවතන තත්වය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කර තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රයේද වාන් දොරටු 10 ම විවෘත කිරීමත් සමග පොලොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16