නාර්තුපාන පාලම අසල කැබ් රථයක් – හිමිකරු අතුරුදන්

අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල ඊයේ (28) රාත්‍රී දමා ගොස් තිබූ කැබ් රථයක් අද උදෑසන අඟුරුවාතොට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස හමුවී ඇත්තේ මිට්සුබිසී වර්ගයේ කැබ් රථයක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී කැබ් රථයේ හිමිකරු බොරලැස්ගමුව අබේරත්න මාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු බලංගොඩ ප්‍රදේශයේ කුඩා ජල විදුලි බලාගාරයක සභාපති ලෙස රැකියාව කළ සිවිල් ඉංජිනේරුවරයෙකු බව සඳහන්.

ඔහු පදවාගෙන යමින් සිටි කැබ් රථය හොරණ මතුගම මාර්ගයේ නාර්තුපාන පාලම අසල නවතා තිබියදී අලුයම 1.30ට පමණ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත පොලිසියේ නිලධාරීන්ට හමුවී තිබෙනවා.

කැබ් රථයේ ඉදිරිපස දොරවල් දෙකම විවෘතව තිබී ඇති අතර පොලිස් නිලධාරින් විදුලි පන්දම දල්වා ඒ තුළ නිරීක්ෂණය කිරීමේදී කැබ් රථය තුළ ලැප්ටොප් පරිගණකයක්, ඇඳුම් පැළඳුම් අඩංගු ගමන් බෑගයක්, සෙරෙප්පු යුගලක්, තොප්පියක් සහ රියදුරු අසුනට යාබද අසුන මත මුදල් පසුම්බියක් තිබී ඇතැයි සඳහන්.

මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකයකට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබා දීමෙන් අනතුරුව බොරලැස්ගමුව අබේරත්න මාවතේ ඉංජිනේරුවරයාගේ බිරිඳ ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා සැමියාට රාත්‍රී 8.30ට පමණ දුරකථන ඇමතුමක් ලබා දීමේදී ඔහු කැස්බෑව ප්‍රදේශයේ සිට පැමිණෙන බව ප්‍රකාශ කළ බවයි.

අනතුරුව සිවිල් ඉංජිනේරුවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (29) අලුයම නාර්තුපාන පාලම අසලට පැමිණ කැබ් රථය හඳුනාගෙන තිබෙනවා.

හොරණ පොලිස් නිල සුනඛ බෲනෝ ඉංජිනේරුවරයා පරිහරණය කරන ලද තොප්පිය සහ පාවහන් යුගළ ඉව කිරීමෙන් අනතුරුව මීටර් 20ක් පමණ ගොස් ආපසු හැරී පැමිණි බව සඳහන්.

සිවිල් ඉංජිනේරුවරයාව යම්කිසි කණ්ඩායමක් පැහැර ගත්තාද ? ඔහු නාර්තුපාන පාලමෙන් කළු ගඟට පැන සිය දිවි නසා ගත් බවට හැඟවීමට ඔහුගේ කැබ් රථය ඒ ආසන්නයට ගෙනත් දැම්මාද යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50
Video thumbnail
ගැ#ටුමෙන් මි#ගිය නිලධාරීන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි දමා ඇති අයුරු
00:54
Video thumbnail
බොල හර්ෂණයෝ බඩේ මහත කාලා කාලා - කට්ටිය බඳාගෙන හොඳටම රඟපාලා පෙන්නුවා
10:04
Video thumbnail
අපිත් JVP වසන්තලාගේ ගො# ටෝක්වලට අපි කැමති නෑ - ඔයිට වැඩිය ලොක්කෙක්නේ ගෝඨා..
03:03
Video thumbnail
"අනේ මගේ පුතේ.." බන්ධනාගාර නිලධාරියෙකුගේ නිසල සිරුර සෝසුසුම් මැද නිවසට ගෙනෙයි
03:49
Video thumbnail
අනේ මගේ මල්ලි - නැගිටපන් යකෝ
00:32
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
00:44
Video thumbnail
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප
00:25
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට" ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ දේහය මල්ශාලාවක තැන්පත් කරයි
03:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
08:07:06