සැප රියක් තුළ වෙඩිතබා ‘මන්නා රොෂාන්’ මරා දැමූ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

පාතාල කල්ලි සාමාජික රොෂාන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ගේ සහ ඔහුගේ ගෝලයෙකු වෙඩි වැදී මියගොස් සිටිය දී පාදුක්ක, තුන්තානවත්ත ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක තිබී අද (25) අලුයම සොයාගත්තා.

අළු පැහැති ජීප් රථයක් තුළ වෙඩි වැදී මියගොස් සිටිය දී මන්නා රොෂාන් නැමැත්තා සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මත කිසියම් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පවසන පොලිසිය සිද්ධිය සිදුවූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු 18කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මේ වනවිට ඩුබායිහි සැඟව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගෙන් මත්කුඩු ලබාගැනීමට ඔවුන් එම ප්‍රදේශයට පැමිණ ඇති අවස්ථාවේ දී ලලිත් කන්නන්ගරගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

ඝාතනයට ලක් වූ මන්නා රොෂාන් හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු 2019 වසරේ බෝම්බයක් ළඟ තබාගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක්.

37 හැවිරිදි වියේ පසු වූ ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

මන්නා රොෂාන් සමඟ ඝාතනයට ලක්ව සිටි අනෙක් පුද්ගලයා කලුඅග්ගල, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් නිමේෂ් නැමති එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපනගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14