සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතන විසින් වෙස්ලි මධෙවෙරේ සහ බ්‍රැන්ඩන් මවුටාට මෙලෙස තහනමක් පනවා ඇති බවයි වාර්තා වුණේ.

තහනම් උත්තේජක චෝදනා යටතේ ඔවුන් දෙදෙනාට මෙම තහනම පනවා ඇති අතර, අදාළ චෝදනා පිළිබඳ විභාගය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චෝදනා සම්බන්ධයෙන් විභාගය පැවැත්වෙන තුරු මෙලෙස මෙම ක්‍රීඩකයින් දෙදෙනාට ක්‍රිකට් තහනම පනවා ඇති අතර, විභාගයේ ප්‍රතිඵලය මත ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන සිම්බාබ්වේ කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස වෝල්ටර් චවාගුටා නම් කිරීමට පසුගිය දා කටයුතු කළා.

සිම්බාබ්වේ කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු ලෙස චවාගුටා පත්කළ දෙවන අවස්ථාව මෙයවන අතර, මීට පෙර 2008 දී ද ඔහු එම තනතුර සඳහා පත්කරනු ලැබුවා.

මේ අතර එළඹෙන ජනවාරි මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එඉවිමට සූදානමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21