සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කරවීම ඇරඹේ

2023 – 2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙටට දී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ කළා.

රත්නපුර, පලාබද්දල – එරත්න මාර්ගයෙන් පෙරහරවල් දෙකක් තවත් පෙරහරක් රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් හරහා සහ තවත් පෙරහරක් බලංගොඩ – බගවන්තලාව මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙලෙස මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ හෙට (26) දිනයේ ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම්මවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?