රට රැකියා පෙන්වා මුදල් වංචා කළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ චෝදනා මත උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන ජනවාරි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

හිටපු සභාපතිවරයා විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන සැඟව සිටින බවට මහනුවර, පේරාදෙණිය හා දවුලගල පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබූ බව සඳහන්.

එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතර අතුරුදහන්ව සිටි හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව පේරාදෙණිය පොලිසිය මගින් ඊයේ (23) සවස සැකකාර හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මුදල් වංචාවට හසුවූ පිරිස් අද පෙරවරුවේ මහනුවර හා පේරාදෙණිය පොලිස් ස්ථාන වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම පිරිස ප්‍රකාශ කරන්නේ හිටපු සභාපතිවරයා විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39