spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා පෙන්වා මුදල් වංචා කළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ චෝදනා මත උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ ලබන ජනවාරි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

හිටපු සභාපතිවරයා විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන සැඟව සිටින බවට මහනුවර, පේරාදෙණිය හා දවුලගල පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබූ බව සඳහන්.

එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතර අතුරුදහන්ව සිටි හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව පේරාදෙණිය පොලිසිය මගින් ඊයේ (23) සවස සැකකාර හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මුදල් වංචාවට හසුවූ පිරිස් අද පෙරවරුවේ මහනුවර හා පේරාදෙණිය පොලිස් ස්ථාන වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එම පිරිස ප්‍රකාශ කරන්නේ හිටපු සභාපතිවරයා විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?