සාක්ෂි තිබියදීත් පොලිසියට මග හැරුණු ජාවාරම (වීඩියෝ)

යුක්ති මෙහෙයුම හරහා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් හඹායද්දී වාහන වංචා සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සාක්ෂි තිබියදීම අත්අඩංගුවට නොගන්නා පුවතක් දසත නිවුස් වෙත වාර්තා වනවා.

අප මෙම අනාවරණය සිදුකරන්නේ ඔබත් දහසක් බලාපොරොත්තු දල්වාගෙන වාහනයක් මිල දී ගැනීමේ සිහිනයක සිටින අයෙකු නම් වරක් දෙවරක් නොව සිය දහස් වතාවක් ඒ් පිළිබඳව විමසා බලන ලෙස දන්වමින්.

බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වාහනයක් මිල දී ගැනීම සඳහා සොයාබැලීම් සිදුකරන අතරතුර මෝටර් රථයක් විකිණීම සඳහා අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළ කර තිබුනා.

ඒ් අනුවයි එහි සදහන්ව තිබු දුරකථන අංකයට ගැණුම්කරු ඇමතුම් ලබාගෙන තිබුනේ.

මම ටොයෝටා විට්ස් කාර් එකක් හොය හොයා හිටියෙ, ඒ් අතරතුර මම දැක්කා…….. ඒකේ ඇඩ් එකක් දාලා තියනවා. විට්ස් කාර් එකක් සම්බන්ධව කතා කළාම පිරිමි පුද්ගලයෙක් කතා කළා. කතා කරලා වාහනය බලන්න වෙලාවක් වෙන්කර ගත්තා. මං පෑලියගොඩ මාළු මාකට් එක ළඟට ගිහින් වාහනය බැලුවා. වාහනය බලන කොට කාන්තාව පොත්පත් ඔක්කොම අරගෙන එතනට ඇවිත් හිටියා. වාහනේ පොතේ තියන ලියකියවිලි හැටියට සියලුම ලියකියවිලි කාන්තාවගෙ නමට හදලා තිබුණෙ. මට කිසිම සැකයක් මේ සම්බන්ධයෙන් ඇතිවුණේ නැහැ. චැසි නොම්මර බැලුවා, ගණන් කතා කරලා ලක්ෂ 55 කට පොරොන්දු වෙලා රුපියල් 150,000ක් අත්තිකාරම් මුදල ගෙවලා ලියුමක් ලියාගෙන ගෙදර ආවා. මේ සිදුවීම වුණේ 10 වැනි මාසෙ 22 වැනිදා.

පසුව ඉතිරි ගනුදෙනු නිම කිරීමට කොට්ටාව නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවකදී හමුවන්නට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

ඉතුරු 53 ලක්ෂ 50,000 එකවුන්ට් එකට දාන්න නම්බර් එක ඉල්ලුවහම එකවුන්ට් එකට දාන්න එපා කිව්වා. සල්ලි OD එකට කැපෙනවා කියලා අතට දෙන්න කිව්වා සල්ලි ගනුදෙනුව ඉවර කරලා අපි වාහනය අරගෙන ගෙදර ආවා.

මෙම වාහන ගණුදෙනුව මහා පරිමාන වාහන ජාවාරමක කොටසක් බව මෝටර් රථය මිලදී ගත් පුද්ගලයාට දැනගන්නට ලැබෙන්නේ අදාල වාහනය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

දහයයි, විසි හත්වැනිදා හවස අපේ මල්ලි ගාල්ලෙ ගිහින් එනකොට බෙන්තර පොලිසියෙන් වාහනය අත්අඩංගුවට ගත්තා මේක හොර වාහනයක් කියලා. මෙන්න මේ පුද්ගලයා 119 එකට ඇමතුමක් ගහලා තියනවා ඒ්ගොල්ලන්ගෙ වාහනයක් පැහැරගෙන යනවා කියලා. ඒ්වෙනකොට බෙන්තර මාර්ග බාධකයෙදි අපේ වාහනය නතර කරනවා. මේ පුද්ගලයා රෑම පොලිසියට ආවා මමත් ගියා වාහනේ ලියකියවිලි අරගෙන. එතකොට තමයි දන්නෙ මේ වාහනේ මෙයා රෙන්ට් එකට මාස 2ක බදු පදනම මත ගත්ත එකක් කියලා. මෙන්න මේ රෙන්ට් කාර් කම්පැනිය තමයි නුගේගොඩ මෙයා හරි ආකාර ඩොකියුමන්ට් එකක් නැතුව මෙයිට දීලා තියනවා රෙන්ට් එකට. දවස් 3ක් ඇතුළත පොත් පත් ව්‍යාජව හදලා අපිට මේ වාහනේ 23 වැනිදා විකුණලා 27 වෙනිදා පොලිසිය ලවා අපේ වාහනය අත්අඩංගුවට ගන්නවා බෙන්තර පොලිසියෙන්. අපි ගිහින් පැමිණිල්ලක් දානවා 30 වෙනිදා හෝමාගම විශේෂ විමර්ශන ඒ්කකයෙ සී.අයි.බී.ඒකේ. මේ තියෙන්නෙ ඒ් පැමිණිල්ලෙ පිටපත මේ සම්බන්ධව එක පුද්ගලයෙක්වත් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ සියළු කරුණු හරහා කාන්තාවකගේ මුලිකත්වයෙන් වාහන පොත් ව්‍යාජව සකස්කරමින්, නුගේගොඩ වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනය ද සම්බන්ධවෙමින් සංවිධානාත්මක වාහන විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පැහැදිලි කරුණක්.

මෙම පැමිණිල්ලට මාස දෙකකට ආසන්න කලක් ගතවෙමින් තිබියදීත් මාධ්‍ය සංදර්ශන දමමින් වැටලීම් සිදුකරන ශ්‍රී ලංකා පොලිසියට සාක්ෂි තිබියදී මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම විමතියට කරුණක් නොවේද ?

දසත නිවුස් අප මෙම අනාවරණය සිදුකරන්නේ හෙට දිනයේ වාහනයක් ගැනීමට සිහින දකින ඔබ මෙම සංවිධානාත්මක කොල්ලකල්ලියේ ගොදුරක් නොවනු පිනිසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33