රැකියා සොයා තායිලන්තය බලා පිටත් වූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු මියන්මාරයේ දී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.
එම ත්‍රස්තවාදී කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් 8000ක මුදලක් ඉල්ලන බවයි වාර්තා වන්නේ.
ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඔවුන්ට අමානුෂීය ලෙස සලකන බවද වාර්තා වේ.එම ශ්‍රී ලාංකිකයන් 56දෙනා මුදාගැනීම සඳහා මියන්මාර බලධාරීන් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව සිරකරගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු මුදාගැනීමට හැකි වූ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර පවසයි.
අනෙකුත් ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
2
+1
+1
2




