පොලිසිය විසින් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම ආරම්භ කළ ඊයේ (17) දිනයේ දී මත්කුඩු බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 330ක් බරැති පාර්සලයක් උතුරු කළුතර වෙරළේ පාවෙමින් තිබිය දී සීයාගෙන තිබෙනවා.
වෙරළේ පාවෙමින් තිබූ පාර්සලය ප්‍රදේශවාසීන් විසින් දැක එය ගොඩගෙන ඒ සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
පසුව පොලිසිය පැමිණ අදාළ පාර්සලය සිය භාරයට ගෙන ඇති අතර, එම පාර්සලයේ අඩංගු දේ පිළිබඳව නිශ්චිතවම තහවුරුකර ගැනීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්දයෙන් පූර්ණ විමර්ශනයක් කළුතර උතුර පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1
1




