AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රේල් අවසන් වනතෙක් බිත්තර ආනයනයට අවසර

2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට මේ වන විටත් අවසර ලබා දී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරනවා.

ජාඇල ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එලෙස ආනයන කරනු ලබන බිත්තර පෙර පරිදි රුපියල් 35.00ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවත්, දේශීය නිෂ්පාදකයන් මේ ආකාරයෙන් අසීමිතව බිත්තර මිල ඉහළ දැමීම සිදුකළහොත් රජයෙන් ලැබෙන පිළිතුරේ කිසිඳු වෙනසක් නොවන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ඉදිරි සතිය ඇතුළත වෙළඳපොලේ භාණ්ඩවල මිල ගණන් යළිත් සාමාන්‍ය අතට පත්වන බව වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?