Update – වැලිගම, මුහුදු මාවතේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (15 ) රාත්‍රියේ වැලිගම – මුහුදු මාවතේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි මත්ස්‍ය වෙළඳසැලක් අසළ වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් එම මත්ස්‍ය වෙළඳසැලේ හිමිකරු බව කියන එන්.ආර් චමින්ද නුවන් කුමාර නැමති 42 හැවිරිදි පුද්ගලයෙක් සහ 52 හැවිරිදි මහින්ද ගුණතිලක නැමති වෙළඳසැලේ සහායකයා තුවාල ලැබුවා.

මෙහිදී චමින්ද කුමාර යන අයගේ පපුවේ දකුණ පසට වෙඩි උණ්ඩ 02ක් වැදි ඇති අතර, මහින්ද නැමැති පුද්ගලයාගේ වම් උරහිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

තුවාල ලැබූ ඔවුන් දෙදෙනා වැලිගම – වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණගේ ප්‍රසාද් මධුශංක නොහොත් ‘මිදිගම චූටි’ යන අයගේ ගෝලයින්ට මත්ස්‍ය වෙළඳසැලේ අයිතිකරු වන චමින්ද නුවන් කුමාර යන අය විසින් සිදුකරන හිරිහැර හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබිම සිදුකර ඇති බවටයි ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56