අතුරුදන්ව සිටි කතගේ සිරුර නිවසේ ඇඳක් යට පෙට්ටියක් තුළින් සොයාගෙන

දින කිහිපයක් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇයගේම නිවසේ ඇඳක් යට පෙට්ටියක් තුළ තිබිය දී සොයාගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පොලිතින් උරවල ඔතා පෙට්ටියක් තුළ දමා තිබිය දී ඊසානදිග දිල්ලි හි නන්ද් නාග්‍රි ප්‍රදේශයේ නිවසක් තුළින් ඊයේ (15) මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා සිට අදාළ 60 හැවිරිදි කාන්තාව අතුරුදන්ව ඇති අතර, ඊට දින තුනකට පසුඅ එනම් 13 වනදා අයගේ පුත්‍රයා විසින් තම මවගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් ඊයේ පොලිසියට ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ සිය නිවසේ මහලේ කාමරයකින් දුර්ගන්ධයක් වහනය වන බවයි.

පසුව පොලිසිය පැමිණ මේ සම්බන්ධයෙන් පරීකෂා කිරීමේ ද අදාළ කාන්තාවගේ මළ සිරුර ඇදක් යට තිබූ පෙට්ටියක් තුළින් සොයාගෙන තිබෙනවා.

අපරාධ හා අධිකරණ වෛද්‍ය කණ්ඩායම පරීක්‍ෂණය සඳහා එම ස්ථානයට ගොස් සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

නිවසින් පිටත සිට නිවස තුළට පැමිණි පුද්ගලින් සම්බ්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අවට ඇති ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීම පොලිසිය මේ වනවිටත් ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?