සුදු මැස්සාගේ හානියට විසඳුමක්

මෙරට පොල් වගාවට මෙන්ම පළතුරු වගාවට ද දැඩි හිසරදයක්ව පවතින සුදු මැස්සාගේ හානියට විසඳුමක් පිළිබඳ කතාවක් මේ.

මෙම පුවතේ කථානායිකාව අපට හමුවන්නේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයෙන්.

2019 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මුල්වරට වාර්තා වුනු මෙරට පොල් වගාවට හානිදායක සුදු මැස්සා මර්දනය කිරීමට විවිධ උත්සාහයන් ගැනුණද, එය සාර්ථක වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පවතින්නේ තවදුරටත් කුකුසක්.

ආත්‍රපෝඩා වර්ගයේ ඊ සෙට්ඨා කාණ්ඩයට අයත් කෘමියෙක්ට තමයි මේ සුදුමැස්සා කියන්නේ. මේ කෘමියා පොල් කොලේ යට පැත්තේ ලැගුම් ගන්නා අතර, අනතුරුව කෘමියා එහි බිත්තර දමනු ලබනවා.

සුදු මැස්සා පොල් කොළයට හානි කරන අතර, පොල් ගහට හානි වී ඇති බව හඳුනාගත හැක්කේ පොල් කොළ කහ පාට වී තිබීම නිරීක්ෂණය කිරීමෙන්.

අනතුරුව පොල් කොළය විද එහි ඇති ප්ලෝමියම් සාරය උරා බොන සුදු මැස්සා හේතුවෙන් ගස ක්‍රමයෙන් මිය යනවා.

2002 වසරේදී මාලදිවයිනේ පොල් වගාවට සුදු මැස්සා හානි කළ අතර, අනතුරුව 2016 වසරේදී අසල්වැසි ඉන්දියාවේ පොල් වගාවටද බලපෑම් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවටත් පැමිණි සුදු මැස්සා උවදුර පාලනයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වරින්වර විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, මෙතෙක් සාර්ථකත්වයක් අත්කර ගෙන නැහැ.

එවන් පසුබිමක් තුළ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි බී.එම්.තුෂාරා සෙව්වන්දි සිසුවිය සුදු මැස්සා මර්දනයට සාර්ථක කුඩ උගුලක් නිර්මාණය කර තිබෙනවා.

ඇයගේ මෙම නිර්මාණය 2023 සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද සමත්කම් දක්වනු ලැබුවා.

මාස 06 ක පමණ කාලයක් සුදු මැස්සා පිළිබඳ අධ්‍යයනයක නිරත වූ සිසුවිය එම තර්ජනයට පිළියමක් සොයාගෙන ඇත්තේ පොල් කර්මාන්තකරුවන්ට අස්වැසිල්ලක් ලබාදෙමින්.

ඒ අනුව ඇය සුදු මැස්සා ආකර්ශනය වන කහ පැහැයෙන් යුතු කුඩයක් ගෙන රාත්‍රි කාලයේ ඊට ආලෝකය ලබාදීමට හිරු එළියෙන් ක්‍රියාත්මක විදුලි පහන් දෙකක් සවිකර, ආකර්ශනය වන සතුන් අල්ලා ගැනීම සඳහා ඇලෙන සුළු ගම් වර්ගයක් ද
සහිත ස්ටිකර් කිහිපයක්ද ඊට යොදා ගනිමින් මෙම කුඩ උගුල නිර්මාණය කර තිබෙනවා.

ඇය උගුලට සුදු මැස්සන් ආකර්ශනය කර ගැනීම සඳහා විශේෂ සුවඳ කාරකයක් ද යොදා ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38