අගමැති සහ ඩෙන්මාර්ක් තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් අද (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ද්විපාර්ශවික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සඳහායි මෙම හමුව සංවිධානය කර ඇත්තේ.

නවදිල්ලි නුවර නේවාසික ඩෙන්මාර්ක් තානාපතිවරයා පැවසුවේ, රැකියා අවස්ථා 1,000කට අධික සංඛ්‍යාවක් ලබා දිය හැකි ප්‍රධාන ඩෙන්මාර්ක සමාගමක් වන කෝපන්හේගන් හි GPV Group A/S හි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමේ අවස්ථාවට ඔහු ඊයේ සහභාගී වූ බවයි.

ඩෙන්මාර්කයේ බොහෝ ආයෝජකයින් බලශක්ති අංශය, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම, යාන්ත්‍රික බෝට්ටු නිෂ්පාදනය සහ වෙනත් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු ප්‍රකාශ කළා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයේ ප්‍රගතිය ඇතුළුව රටේ වත්මන් ආර්ථික සංවර්ධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඩෙන්මාර්ක තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ආයෝජන දිරිමත් කිරීම තුළින් ඩෙන්මාර්කය විසින් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඩෙන්මාර්කය වෙත ස්තුතිය පුද කළ අතර, ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ලබා දුන් සහයෝගය පිළිබඳව ද සිහිපත් කළා.

බහාලුම් ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ නාවික කටයුතු වල නියැලීමේ MAERSK ක්‍රියාකාරකම් සමඟ SAGT ව්‍යාප්ත කිරීමට මුලපිරීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළ බව සඳහන්.

MAERSK විසින් ජපන් අරමුදල් මඟින් ආයතන සමුහය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට යෝජිතයි.

ශ්‍රී ලංකාවේ කුරුඳු සහ අනෙකුත් කුළුබඩු ආනයනය වැඩි කිරීමට පහසුකම් සපයන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඩෙන්මාර්කයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44