නොමිලේ සිදු කළ රුධිර පරීක්ෂණයට පැමිණි පුද්ගලයෙකුට ඒඩ්ස්

නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනකින් රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඒඩ්ස් වෛරසය ශරීර ගතව ඇති අයෙක් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය හා මහනුවර මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට සිදු කළ රුධිර පරීක්ෂණ වැඩසටහනකදීයි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

මෙහි දී පුද්ගලයින් 386 දෙනෙකු රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණ තිබුණා.

එහිදී ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයාට අමතරව Syphilis රෝගයට ගොදුරු වූ අයෙකු ද හඳුනා ගත් බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්. අයි. එම් ලතිෆ් මහතා පැවසීය.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සිදු කළ අදාළ වැඩසටහන තුලින් ලබාගත් රුධිර සාම්පල් වාර්තා දින කිහිපයකට පසු ලැබෙන බැවින් අදාළ සියලු පුද්ගලයින්ගේ තොරතුරු ඒකකය සතුව තබාගෙන ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනා වහාම ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒඩ්ස් වෛරසය ශරීරගත වූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවධානම් වන අතර අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂණයක් කර ගැනීම අතිශයින් වැදගත් බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් ගණන 81ක්.

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 10 දෙනෙකු හා ගැහැණු ළමුන් 04 දෙනෙකු සිටින බවයි වෛද්‍ය ලතිෆ් මහතා ප්‍රකාශ කළේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ කාලය තුළ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු මියගිය බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?