නොමිලේ සිදු කළ රුධිර පරීක්ෂණයට පැමිණි පුද්ගලයෙකුට ඒඩ්ස්

නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනකින් රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඒඩ්ස් වෛරසය ශරීර ගතව ඇති අයෙක් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය හා මහනුවර මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට සිදු කළ රුධිර පරීක්ෂණ වැඩසටහනකදීයි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

මෙහි දී පුද්ගලයින් 386 දෙනෙකු රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණ තිබුණා.

එහිදී ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයාට අමතරව Syphilis රෝගයට ගොදුරු වූ අයෙකු ද හඳුනා ගත් බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්. අයි. එම් ලතිෆ් මහතා පැවසීය.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සිදු කළ අදාළ වැඩසටහන තුලින් ලබාගත් රුධිර සාම්පල් වාර්තා දින කිහිපයකට පසු ලැබෙන බැවින් අදාළ සියලු පුද්ගලයින්ගේ තොරතුරු ඒකකය සතුව තබාගෙන ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනා වහාම ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒඩ්ස් වෛරසය ශරීරගත වූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවධානම් වන අතර අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂණයක් කර ගැනීම අතිශයින් වැදගත් බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් ගණන 81ක්.

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 10 දෙනෙකු හා ගැහැණු ළමුන් 04 දෙනෙකු සිටින බවයි වෛද්‍ය ලතිෆ් මහතා ප්‍රකාශ කළේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ කාලය තුළ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු මියගිය බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51