අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා හොයන්න දිවයින පුරා ඒකක 9ක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ විමර්ශනය සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක නවයක් ස්ථාපිත කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැලසුම් කර තිබෙනවා.

මේවන විට අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා මෙම විශේෂ ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇති අතර මෙම ක්‍රියාවලිය ආරම්භ කරමින් මුල්ම පොලිස් ඒකකය වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් වාරියපොළ පොලිසියේ ස්ථාපිත කිරීමට නියමිතය.

දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි මෙම විශේෂ පොලිස් ඒකක පිහිටුවීමෙන් පසු කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ මූලස්ථානය වෙත පැමිණීමෙන් තොරව මෙම ඒකක වෙත තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?