කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් උද්ඝෝෂණයක

රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ (12) දින සවස 05.00 ට උද්ඝෝෂණයක් වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානය සහ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සංවිධානය කර තිබුණි .

මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති සහ වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය .

රජයේ සේවකයින්ට මෙවර අයවැයෙන් යම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , නිදහස් වෙළෙඳ කළාප සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට වැටුප් වැඩි වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් පමණක් ඉදිරිපත් වී තියෙනවා . එවැනි සේවකයින් රවටන ප්‍රකාශ නොකර මෙම අංශ වල සේවයේ නිරත සේවකයින් හට අයවැය සහන දීමනාවක් ලෙස වැටුප් වැඩි කර ලීමේ නීති අණ පනත් සම්මත කිරීමට පියවර ගන්නා ලෙස තම වෘත්තීය සමිති රජයට බල කර කියා සිටින බව ගාමිණී රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?