තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් ගොඩගැසේ

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද (12) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති පෙරේදා (09) පස්වරු 4.00ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මේ සඳහා දිවයින පුරා සිටින තැපැල් සේවකයින් 27,000ක් පමණ එක්ව සිටිනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ලිපි සහ පාර්සල් ලක්ෂ 07ක් පමණ තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව වාර්තා වනවා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම සංකේත වැඩ වර්ජනය අද (12) පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52