දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා වැසීයාමේ තර්ජනයක

දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා 2800න් 1500ක් වැසී ගොස් ඇති බව පොල් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ආනයනික පොල්තෙල් හේතුවෙන් මෙලෙස දේශීය පොල්තෙල් කර්මාන්ත හිමියන්ට දැඩි තර්ජනයක් වී තිබෙන බවයි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ. එමෙන්ම පොල්තෙල් කිලෝ එක්කෝටි හැත්තෑ හත්ලක්ෂ හැත්තෑපන්දහස් නවසිය අසූතුනක් ආනයනය කර ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7891ක්.

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් මෙරට වෙළදපොළට පැමිණීම නතර කළ යුතු බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ.

දේශීය කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද ඔවුන් මෙහිදි ඉල්ලා සිටියා. මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දහසක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?