ත්සව සමය ආරම්භ වීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළෙන් රට තුළට ඇතුල්වෙන ගුවන් මගීන්ගේ ගමන් මළු නිවැරැදිව හදුනාගැනීම සදහා යොදා ඇති ‘ටැග්’ පත් පරීක්ෂා කිරීම ගුවන් තොටුපොළ පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
ගුවන් යානය වෙත ගමන් මළු පැටවීම සඳහා භාරගැනීමේ දී එම ගුවන් සේවා සමාගම් අදාළ ගුවන් මගියාට ඔහුගේ ගමන් මළු පහසුවෙන් හදුනාගැනීම සදහා මෙම ‘ටැග්’ පත් ලබාදීම සිදුකෙරෙනවා.
ඇතැම් අවස්ථාවල ගුවන් මගීන් තම ගමන් මළුවල ‘ටැග්’ පත් අංකය නිවැරදි පරීක්ෂා කිරීමකින් තොරව වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු රැගෙන යාම සුලභ සිදුවීමක් වී තිබෙනවා.
එමෙන්ම ඇතැම් ගුවන් මගීන් හිතාමතාම වෙනත් ගුවන් මගීන්ගේ ගමන් මළු සැළසුම් සහගතව සොරාගෙන යාමේ සිදුවීම ද වාර්තා වනවා.
මෙලෙස වැරදීමකින් රැගෙන යනු ලැබූ ගමන් මළු යළි ගුවන් තොටුපොළ වෙත භාරදීම ද බහුලව සිදුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම ගමන් මළු නිවැරදි අයිතිකරුවන් වෙත ඔවුන් සොයා භාරදීමට ගුවන් තොටුපොළ නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට ද සිදුවනවා.
මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය තුළ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මළුවල එල්ලා ඇති ‘ටැග්’ පත්‍ර අහඹු ලෙස පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විවිධ ස්ථානවල රැදී සිටින පුද්ගලයන් ද ගුවන් තොටුපොළ පොලිසිය විසින් පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.














හොද වැඩපිලිවෙලක් මේ ක්රමය අකන්ඩව සිදුකර්ස්නවානම් හොදයි
ලංකාව කියන්නෙ හොරුන්ගේ සහ පිස්සන්ගෙ දේයක්. ලංකාවෙ එහෙම උනත් වෙන රට වල ඔහොම වෙන්නෙ නෑ.
Same picture was posted in 5 times?