මිහින්තලා පුදබිමෙන් සියලු හමුදා සාමාජිකයන් ඉවතට

මිහින්තලා රජමහා විහාරස්ථානය තුල හමුදා නිලධාරීන් සිටීම තුලින් තම ජීවිතයට තර්ජනයක් ඇති බවට විහාරාධිපති හිමියන් ප්‍රකාශ කරන්නේ නම් එම හමුදා ඛණ්ඩ අද සිට ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේබව කියාසිටියේ.

ඒ අනුව අදාළ හමුදා නිලධාරීන් 252 දෙනාම අද දිනයේ ඉවත් කර ගැනීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව නාවික හමුදාවේ සාමාජිකයන් 103 දෙනෙකු, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 100 දෙනෙකු සහ හමුදා සාමාජිකයන් 48 දෙනා අද සිට මිහින්තලා පුද භූමියෙන් ඉවත් කර ගන්නා බව සභාවට දැනුම්දෙන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

හමුදා නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙවැනි චෝදනා එල්ලවන අවස්ථාවක හමුදා නිලධාරීන් යළිත් එම ස්ථානයට යාමට කැමැත්තකින් පසුනොවන බව ද ඔහු පෙන්වා දුන්නා.

විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම මත විවිධ අවස්ථාවල මෙම හමුදා සාමාජිකයන්ට අමතරව තවත් හමුදා සෙබළුන් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මිහින්තලා විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළ සැක කටයුතු සෙබළුන් දෙදෙනා ද ආවේක්ෂණ රාජකාරී වෙනුවෙන් යොදවා තිබූ අය බව ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

විශේෂයෙන් ආගමික ස්ථාන, සංචාරකයන්ගේ ආරක්ෂාව ඇතුලු ආරක්ෂක සහ ආවේක්ෂණ කටයුතු වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 7 වනදායින් පසු නිලධාරීන් යොදවා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සිවිල් ඇඳුමින් හමුදා නිලධාරීන්ට යා නොහැකි බවට තමන් දැනුවත් වූයේ ද පෙරේදා දිනයේ බව සිය ප්‍රකාශය සිදු කරමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා.

සති තුනක කාලයක් සැකකටයුතු ලෙස මිහින්තලේ පුදබිමේ තොරතුරු රැස් කළ හමුදා සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ රජයෙන් ඉල්ලා සිටියා.

තමන්වහන්සේ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක හිමියන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරමිනුයි විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ ඉදිකිරීම් ඇතුළු අළුත්වැඩියා කටයුතු සඳහා මේ දිනවල ත්‍රිවිද හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඒහි රැදී සිටිනවා.

සති තුනක පමණ සිට ඔවුන් සමග රැඳී සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු තමන් වහන්සේව ඝාතනය කිරීම සදහා පැමිණ ඇති බවට පුජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි පෙරේදා අනාවරණ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26