කොළොන්න උල්ලිඳුවාව ගඟේ තිබී 15 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි දැරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දැරිය ඊයේ (08) සවස සිට අතුරුදන්ව සිට තිබෙනවා. ඇය දියේ ගිලී මරණයට පත්වූයේ ද එසේ නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
මෙම දැරිය කොළාන්න අනිල්කන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.










