AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙන් ශ්‍රී ලංකාවට බිත්තර ඉන්කියුබේටර් 100ක්

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සවිබල ගැන්වීමේ අරමුණින් බිත්තර ඉන්කියුබේටර් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සවිබල ගැන්වීමේ අරමුණින් බිත්තර ඉන්කියුබේටර් 100ක් බෙදාදීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

අග්‍රාමාත්‍යවරයා චීනයේ යුනාන් පළාතේ කළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන තානාපති Qi Zhenhong මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉන්කියුබේටර් 100ක් භාරදුන් අතර එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළට විශේෂ මිතුරෙකු ලෙස චීනය සැමවිටම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?