චීනයෙන් ශ්‍රී ලංකාවට බිත්තර ඉන්කියුබේටර් 100ක්

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සවිබල ගැන්වීමේ අරමුණින් බිත්තර ඉන්කියුබේටර් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සවිබල ගැන්වීමේ අරමුණින් බිත්තර ඉන්කියුබේටර් 100ක් බෙදාදීම අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

අග්‍රාමාත්‍යවරයා චීනයේ යුනාන් පළාතේ කළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන තානාපති Qi Zhenhong මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉන්කියුබේටර් 100ක් භාරදුන් අතර එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙළට විශේෂ මිතුරෙකු ලෙස චීනය සැමවිටම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27