ඉපදී සතියක් ඉක්ම යන්නට පෙර තම නිවුන් දරුවන් දෙදෙනා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකාරියන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
සැකකාර මව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සහ අනෙක් කාන්තාවන් දෙදෙනා අද (07) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ රාගම පොලිසිය විසින්.
මෙම තරුණ මව තම නිවුන් බිළිඳුන් දෙදෙනා රුපියල් 25000 බැගින් රුපියල් 50000කට වෙනත් කාන්තාවන් දෙදෙනෙකුට අලෙවි කර තිබුණා.
එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැලණිය ප්‍රදේශයේදීත් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහකාර වෘත්තියේ යෙදෙමින් එහි නවාතැන් ගෙන සිටි අදාළ මව මීට සතියකට ඉහත බොරැල්ල කාසල් රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය සිදු කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
ඇය පළමු විවාහයෙන් වෙන්ව සිටින අයෙක් වන අතර එම විවාහයෙන් ලැබී ඇති දරුවන් දෙදෙනා එම කාන්තාවගේ මවගේ භාරයේ සිටින බවද හෙළිවී තිබෙනවා.
ඇය අලෙවි කරන ලද නිවුන් දරු දෙදෙනාගේ පියා පිළිබඳව ඇය නිසි තොරතුරක් මෙතෙක් ලබා දී නැහැ.
අත්අඩංගුවට ගෙන ඇති අදාළ මව සහ නිවුන් දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.














THIS IS A REFECLETION OF SOCIAL ECONOMIC AND CUSTURAL DISASTER WE ARE EXPERIENCING NOW. COLLAPSE IN ECONOMY PUSH LOWER MIDDLE CLASS TO POOR CLASS SO THEY GO FOR LOWER JOBS LIKE SERVENTS IN HOMES AND RESTAURENTS OWNED BY RICH CLASS OR UPPER MIDDLE CLASS PEOPLE. SO THEY RAPE CONTINUOUSLY AND CHASE AWAY BY GIVING SLIGHT OF MONEY. GIRLS TEND TO DO THIS AND THEN GO FOR SPAS AND BROTHEL HOUSES FOR PROSTITUTION. THIS GIRL DID NOT ABANDONED THE INFANTS, DID NOT PUT INTO A TOILET PIT OR NOT LET EAT TO DOSA AND MONITORS. SHE GAVE FOR ANOTHER WOMAN NOT HAVING CHILD WHICH IS ILLEGAL BUT BETTER WAY TO TREAT INFANTS. ISNT THAT SO FRIENDS???