හලාවත වෙරළ තීරය තුළ ගොඩගැසෙන කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් හලාවත පොලීසිය විසින් සිදු කරනු ලැබුවා.
හලාවත,ආරච්චිකට්ටුව සහ තොඩුවාව යන පොලිස් ස්ථාන වල නිලධාරීන් මේ සදහා එක්ව සිටි අතර දිනපතා විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන හලාවත වෙරළ තීරය නිරන්තර අපිරිසිදු තත්ත්ව තිබුණි.
වෙරළට පැමිණෙන සංචාරකයින් විසින් දමා යන අප ද්‍රව්‍ය මෙන්ම මසුන් මැරීම සදහා මුහුදු යන ධීවරයින් විසින් ඉවත දමන ප්ලාස්ටික් ඇතුළු දෑ වෙරළට ගොඩ ගැසීම මෙම තත්ත්වයට හේතුව වී තිබේ.
එමෙන්ම හලාවත වෙරළ තීරය තුළ අනවසරයෙන් පවත්වා ගෙන යන ඇතැම් ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන්ද මෙම තත්ත්වය උදාවී ඇත.
කසල බැහැර කිරීම සදහා වෙරළ තීරයේ තබා ඇති කසල බදුන් පැමිණෙන සංචාරකයින් භාවිතා නොකිරීම ප්‍රධාන කරුණක් බව හලාවත නගර සභාවේ සේවකයින් සදහන් පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේදී වෙරළට පැමිණෙන සංචාරකයින්ව වරින් වර දැණුවත් කිරීම තුළින් සහ මසුන් මැරීම සදහා මුහුදු යන ධීවරයින් දැණුවත් කිරීම තුළින් වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට අදහස් කරන බව මෙම අවස්ථාවට එක්ව සිටි හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලුෂන් සුරියබණ්ඩාර මහතා පැවසීය.







