පොලීසියෙන් කාටත් ආදර්ශයක්

හලාවත වෙරළ තීරය තුළ ගොඩගැසෙන කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් හලාවත පොලීසිය විසින් සිදු කරනු ලැබුවා.

හලාවත,ආරච්චිකට්ටුව සහ තොඩුවාව යන පොලිස් ස්ථාන වල නිලධාරීන් මේ සදහා එක්ව සිටි අතර දිනපතා විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන හලාවත වෙරළ තීරය නිරන්තර අපිරිසිදු තත්ත්ව තිබුණි.

වෙරළට පැමිණෙන සංචාරකයින් විසින් දමා යන අප ද්‍රව්‍ය මෙන්ම මසුන් මැරීම සදහා මුහුදු යන ධීවරයින් විසින් ඉවත දමන ප්ලාස්ටික් ඇතුළු දෑ වෙරළට ගොඩ ගැසීම මෙම තත්ත්වයට හේතුව වී තිබේ.

එමෙන්ම හලාවත වෙරළ තීරය තුළ අනවසරයෙන් පවත්වා ගෙන යන ඇතැම් ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන්ද මෙම තත්ත්වය උදාවී ඇත.

කසල බැහැර කිරීම සදහා වෙරළ තීරයේ තබා ඇති කසල බදුන් පැමිණෙන සංචාරකයින් භාවිතා නොකිරීම ප්‍රධාන කරුණක් බව හලාවත නගර සභාවේ සේවකයින් සදහන් පවසයි.

කෙසේ වෙතත් ඉදිරියේදී වෙරළට පැමිණෙන සංචාරකයින්ව වරින් වර දැණුවත් කිරීම තුළින් සහ මසුන් මැරීම සදහා මුහුදු යන ධීවරයින් දැණුවත් කිරීම තුළින් වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට අදහස් කරන බව මෙම අවස්ථාවට එක්ව සිටි හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලුෂන් සුරියබණ්ඩාර මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05