රත්තරං මිශ්‍ර පස් කන්ටේනරයක් රටින් යවන්න නීතිය නැවූ භූ විද්‍යා ලොක්කා (වීඩියෝ)

රත්තරං මිශ්‍ර පස් කන්ටේනරයක් මෙරටින් පිට කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු විසින් ඒම කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන් තිනෙකුට බලපෑම් ඒල්ල කර ඇති බව දසත නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා.

ඒම නිලදාරීන්ට අදාළ බලපෑම ඒල්ලවන්නේ 2018 වසරේ දී රත්තරං මිශ්‍රිත පස් අපනයනය කිරීම සම්බන්ධයෙන් අදාළ කාර්යාංශ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනමකට ලක් වූ පසුබිමක් තුළයි.

2014 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ රන් මිශ්‍ර පස් සහිත බහාලුම් 51ක් ඉන්දියාව, චීනය, කොරියාව, තායිලන්තය සහ සිංගප්පුරුව යන රටවලට මෙරටින් අපනයන කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒම පස් තොග අපනයනයේ දී ඒ් සම්බන්ධ පරීක්ෂණ නිසියාකාරව සිදු වී නැති බවයි පසුව කළ විගණන පරීක්ෂණවලදී හෙළි වුණේ.

රත්තරං මිශ්‍රිත පස් රටයැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2018 වසරේදී භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන්‌ දෙදෙනෙකුගේ වැඩතහනමකට ලක් වුණා.

මෙවන් පසුබිමක් තුල විගණන වාර්තව මගින් නිර්දේශ කිහිපයක් ලබා දී තිබූ අතර, ඒහි ඒක නිර්දේශයක් වී තිබුනේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාගාර වාර්තා නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු සමස්ත ක්‍රියාවලිය පිලිබද අදාළ සියලු පාර්ශව ලිඛිතව දැනුවත් කළ යුතු බවයි.

විගණන නිර්දේශ ඒලෙස තිබුන ද පසුගිය සිකුරාදා කාර්යාංශය ඉදිරිපිටට ගෙනවිත් තිබූ රත්තරං මිශ්‍රත පස් බහාලුම ඉතා ඉක්මණින් නිදහස් කළ යුතු බව පවසමින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා භූ විද්‍යා අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට බලපෑම් ඒල්ල කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11