පොලිස්පති ඇතුළු තිදෙනෙකුට උසාවියෙන් නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ලබන වසරේ පෙබරවාරි මස 27 වනදා පෞද්ගලික ව පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පොලිස්පතිවරයා ඇතුළු තුන්දෙනෙකුට නොතීසි නිකුත් කළා.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු වන එම්. වී. බී. රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට එරෙහි ව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා තිබුනේ තමා විසින් සිදු කරන ලද සමාජ මාධ්‍ය පළ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දූරකථන මාර්ගයෙන් තමාට දැනුම් දුන් බවයි.

එම අවස්ථාවේ දී තමාට එරෙහි ව පවතින පැමිණිල්ල කුමක්ද? තමන්ට එරෙහි ව පවතින චෝදනා මොනවාද? යනාදී කරුණු පෙත්සම්කරු විසින් විමසුව ද ඊට අදාළ තොරතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එම තොරතුරු තමා වෙත ලබා නොදීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් පැමිණිල්ලකට අදාළ තොරතුරු පුද්ගලයෙකු ඉල්ලා සිටි අවස්ථාවක පොලිසිය කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව සඳහන් කළා.

එම අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක තිසර, එම අංශයේ ස්ථානාධිපති සහ පොලිස්පති යන පාර්ශ්වකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබුණේ නෑ.

ඒ අනුව අදාළ පෙත්සම නැවත ලබන පෙබරවාරි මස 27 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එදින පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පති ඇතුළු එම වගඋත්තරකරුවන් තිදෙනා වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

නඩු විභාගය අතරතුර දී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහි ව ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්දැයි රජයේ නීතිඥවරයාගෙන් විමසා සිටියා.

එම අවස්ථාවේ දී වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළේ එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වන බවයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලබන රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර පිළිබඳ ව සෑහීමකට පත්විය නොහැකි බව විනිසුරු තුරෙයිරාජා මහතා විවෘත අධිකරණයේ සඳහන් කළා.

මීට වසර දෙකකට පමණ ඉහත දී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ රජයේ නිලධාරියෙකු තමන්ට උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇතැයි චෝදනා කළ විනිසුරු තුරෙයිරාජා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙකු මෙයාකාරයෙන් උසස්වීම් පතන්නේ කිසේ දැයි ප්‍රශ්න කළා.

ත්‍රි පුද්ගල විනිසුරු මංගලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ද සඳහන් කළේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පුරවැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන නඩුකර සමථයට පත් කිරීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙන බවත් ඒය අනුමත කළ නොහැකි බවයි.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සමථයකට පත්කරන්නේ කෙස් දැයි ප්‍රශ්න කළ විනිසුරුවරයා එසේ වුවහොත් අගතියට පත් වූවන්ට ලැබෙන යුක්තිය කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම යළි ලබන පෙබරවාරි මස 27 දා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33