හිටපු අමාත්‍ය මහේෂ්වරන් ඝාතනය කළ විත්තිකරු උසාවියෙන් ඉල්ලූ නිදහස සලකා බැලීමට දින නියම වෙයි

2008 වසරේ හිටපු අමාත්‍ය ටී. මහේෂ්වරන් කොළඹ පිහිටි හින්දු දේවස්ථානයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරු තමන් ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනය ලබන වසරේ ජූලි මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ජොන්සන් කොලින් වැලන්ටිනෝ නමැති විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය අද යසන්ත කෝදාගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජූලි මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළා.

2008 වසරේ ජනවාරි මස 01 වන දා කොටහේන, පොන්නම්බලම් වානේෂ්වරම් දේවාලය තුළ දී හිටපු අමාත්‍ය ටී. මහේෂ්වරන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ අතර එම දඬුවම අභියාචනාධිකරණය විසින් ද ස්ථිර කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණය අදාළ තීන්දුව දෝෂසහගත බවත් එබැවින් තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22