spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍ය මහේෂ්වරන් ඝාතනය කළ විත්තිකරු උසාවියෙන් ඉල්ලූ නිදහස සලකා බැලීමට දින නියම වෙයි

2008 වසරේ හිටපු අමාත්‍ය ටී. මහේෂ්වරන් කොළඹ පිහිටි හින්දු දේවස්ථානයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරු තමන් ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනය ලබන වසරේ ජූලි මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ජොන්සන් කොලින් වැලන්ටිනෝ නමැති විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය අද යසන්ත කෝදාගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජූලි මස 11 වනදා කැඳවන ලෙස නියෝග කළා.

2008 වසරේ ජනවාරි මස 01 වන දා කොටහේන, පොන්නම්බලම් වානේෂ්වරම් දේවාලය තුළ දී හිටපු අමාත්‍ය ටී. මහේෂ්වරන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ අතර එම දඬුවම අභියාචනාධිකරණය විසින් ද ස්ථිර කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණය අදාළ තීන්දුව දෝෂසහගත බවත් එබැවින් තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අදාළ විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?