තෙල් පිරිපහදු කරන්නත් සිනොපෙක් එයි – අනුමැතිය සඳුදා

චීනයට අයත් සිනොපෙක් සමාගම මගින් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීම වෙනුවෙන් ගෙනා යෝජනාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බවයි.

ඩොලර් බිලියන 4.5ක ආයෝජනයෙන් චීන සමාගමක් වන සිනොපෙක් මෙම පිරිපහදුව ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ කැබිනට් අනුමැතිය ලැබුණු පසු ගිවිසුම අත්සන් කිරීමට චීනයට ආරාධනා කරන බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී නව පිරිපහදුවක් වෙනුවෙන් යෝජනා කැඳවූ අවස්ථාවේ චීනයේ සයිනොපෙක් සහ Vitol සමාගම් සැලසුම් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් පසුව Vitol සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත් වූ බව සඳහන්.

නව පිරිපහදුව සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි වන්නේ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව බව බලශක්ති අමාත්‍යවරයා කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27